පටිභාණ කවීත්වයෙන් මතුවෙන ශ්‍රී සත්ධර්මය...

කවි කියන්න පුළුවන් වගේම කවි ලියන්න පුළුවන් අයත් ලෝකේ ඕන තරම් ඉන්න පුළුවන්...
කවි සිතින් සිත සිතා පහල කරගෙන සටහන් තබන අයත් මොහොතක් හෝ විරාමයක් ඇතිව හිටිවන කවි පහල වන අයත් ලෙසින් නන් අයුරින් කවි අදහස් ඇතිවන්නුවන් ලෝකය පුරාම සිටිනවා...
ඒත් මේ කියන පටිභාන කවීත්වයේ විශේෂත්වය දැනෙන්න නම් එවැනි පටිභානමය කවීත්වය පැන නඟින තැනක සජීවීව දෙසවන් යොමු කර සිටින විට එය කොතරම් සුවිශේෂීද එය කොතරම් ආශ්චර්යමත්ද කියලා වැටහෙනවා...
මේ කවි කියවන ඔබට සමහර විට ඒවා සිතා සිතා ගෙතූ කවි පෙලක් ලෙසින් බැලූ බැල්මට සිතේවි... එහෙත් ඒ අත්දැකීම් සජීවීව විඳ ඇති මට නම් එවැනි කවීත්වයක් බුදු පියාණන් කල වූවායැයි සැලකෙන ද්‍රෝණ ඝර්ජනාවට දෙවෙනි විය නොහැකි බව ස්ථිරවම කිව හැක...
මන්ද ඒ කවි ගලා එන වේගයත්... ඒවා දිනෙන් දින වෙනස්කම් ඇතිව කියෙවෙන ස්වරූපයත්... ඒවා තුලින් පෙන්වා දෙන ගැඹුරු ධර්මය වැටහෙන පරිද්දෙන් සිත සමාධිගත වන අයුරුත්... ආදී නොයෙක් දෑ සජීවීව අත්දැකපු තවමත් අත්දකින මා හට නම් එය සම්මා සම්බුදු පියාණන් වහන්සේ පවා අනුමත කරන්නට ඇතැයි නුවණින්ම විමසා තීරණයක් ගත හැකි නිවන වෙතම උපකාර වන උතුම් දහම් මඟක්මය...
මේ අත්දැකීම සජීවීව අත්විඳිමින් එහි සුවිශේෂීත්වය තමන්ටම අත්දකින්ට වුවමනා ඇත්තන් සෙනසුරාදා දිනයන්හි උදෑසන 8.30 සිට දහවල් 12.00 වන තෙක් කාලය තුල වහරක අරියචින්තාශ්‍රමයේදී වහරක අභයරතනාලංකාර ස්වාමීන්ද්‍රයන් විසින් පවත්වන පටිභානමය කාව්‍ය මෙත් පූජාවට සහභාගී වෙත්වා!! තිසරණ සරණ ලැබ නිවී සැනසෙත්වා!!

Jan 31, 2011

බෝ සමිඳුන් පිදූ පිනෙන් සෙත් ලබා ගැනීම

01
බුදු සෙත් බල ලෝකෙට                             මතුවේවා
බෝරජ වරුනට දියෙන්                                 පිදේවා
සැම පූජා බෝ රජිඳුට                                       වේවා
සැම දුකඳුරු දුරුකර සෙත                                වේවා

02
මරසෙන් පරදන්නට බුදු වන                                තැන
රැකවරණය දෙන ලෙස මහ                           බලයෙන
සහජාතව පාරමී දම්                                       බලයෙන
පහල වූ බෝරජ වදිනෙමු                               සැමදෙන

03
බුදු බලයට අනුබලයක්                                     දුන්නා
අපටද එම ආසිරි හිමි                                        වන්නා
තිලොවට ධජයක් ලෙස ලෙල                        දෙන්නා
කොඩි ගෙන ජයසිරි බෝධි                             පුදන්නා

04
මාරක බාධක සැම දුරු                                      වේවා
අපල දෝෂ සහමුල දුරු                                     වේවා
හිතුව පැතුව ජය සැමට                                 ලැබේවා
නිවන දකින තුරු ජය                                 සැලසේවා

05
රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරුද                           යන 
සනිද රාහු කේතුද ලොව                                 පවතින
ග්‍රහ දෝෂ සහ මුල පහකර                             සැමතින
රැකවරණය වේවා බෝ                                බලයෙන

06
අන වින බන්ධන විෂ දුරු                                 වේවා
බුදු බල බෝ බල මහිම                                ලැබේවා
සසර වසන තුරු සැනසුම                                 වේවා
හිතන පතන ජය සැමට                                ලැබේවා

07
වස විස බාධක අතුරු                                  නොවේවා
වෛර ක්‍රෝධ තරහව                                    දුරුවේවා
හතුරු බියක් කිසි විටෙක                             නොවේවා
බුදු බල, බෝ බල, ජය සෙත                               දේවා

08
සමගිය සාමය ලොව රජ                                    වේවා
රජයට කිසි බාධකද                                    නොවේවා
මැති ඇමතිද සැමටද සෙත                                 වේවා
සාම දාන රජයක් බිහි                                         වේවා

09
සතුරු විපත් මුළු රටට                                 නොවේවා
විසගිනි සැඩගිනි අවිද                                      නිවේවා
සාම වදන් ලෝකෙට                                    ජය දේවා
බුදු  බල බෝ බල ජය සෙත                                දේවා

10
වැසි දින නිසි ලෙස කලට                                  වසීවා
වාත වේග නිසි ලෙසට                                     හමාවා
ග්‍රහ තරු නිසි මග නිතර                                     සිටීවා
බුදු බල බෝ බල ජය සෙත                                දේවා

11
කුරිරු රෝග විෂ රෝග                               නොවේවා
දරුණු වසංගත කිසිදු                                   නොවේවා
සුචරිත සංවර ගති රජ                                         වේවා
බුදු බල බෝ බල ජය සෙත                                 දේවා

12
මව්පිය වැඩි හිටි සුචරිත                                     වේවා
දූ දරු පොඩි දරු කීකරු                                     වේවා
බුදු පුත් මහ ථෙර ගුණයට                                    ඒවා
බුදු බල බෝ බල ජය සෙත                                දේවා

13
සක්විති රජයක් ලෙස                                සැකසේවා
සක්පුරයක් ලෙස ජය සෙත                               වේවා
සක්හඩ ලෙස බුදු නද                                  පැතිරේවා
සත්බුදු අනුහසයෙන් සෙත                                වේවා

14
යක් බූ පිසසුන් වින                                 නොකරාවා
දෙව් බඹ ආසිරි නෙතින්                                 බලාවා
හිතු පැතු සම්පත් මෙතින්                            නැගේවා
අටවිසි බුදු බලයෙන්                               සෙත වේවා

15
තිසරණ සරණින් සැම සෙත                              වේවා
තිසරණ සරණින් ගුණ                                සැකසේවා
තිසරණ සරණින් සුවපත්                                   වේවා
තිසරණ සරණින් නිවන්                                    දකීවා

සාධු! සාධූ!! සාධූ!!!



0 comments: