01. සම්බුදු රජවරු මුඛ ගුණ සුවඳින
විහිදුනි සදහම් අවු සද සත දැන
එම දම් අවුසද පිව් සත එලෙසින
භව රෝගද දුරු කරවයි නියතින
02. හිත කය වෙත ලෙඩ රෝ දුරු වෙනවා
මෙම භව රෝගය අහල නොවෙනවා
වහ තැන් දුක් නැති නිවන ලැබෙනවා
සදා නිරෝගී බව ලෙස වෙනවා
03. මේ ගුණ දුන් බුදු රජිඳුන් එදිනා
මහ සඟ පෙළපත අතරින් ඇදුනා
ඒ සදහම් අවු සද දුන් මුනිනා
වඳිමින් අවු සද පුදනෙමි මෙදිනා
04. බුදු රජවරු සඟ පෙළ සමගින්නේ
හද මැදුරට වැඩමුව විලසින්නෙ
සුදු නෙළුමෙන් ආසන සිහි ගන්නේ
පුදමු මෙසේ අවු සද මවමින්නේ
05. සැමගෙම දොහොතට බෙහෙත් මැවේවා
සිතු පැතු ලෙස එම සැම වෙත වේවා
සමැගෙම දොහොතින් මෙලෙස පිදේවා
සාදු කියා පුදනෙමු මෙපිදේවා
සාධු! සාධු!! සාධු!!!
06. සම්බුදු රජවරු සහ සඟ පෙළ දැන
දම් අවුසද දුන් මහ ගුණ සිතමින
මැව් මෙම අවු සද පිදු පින් බලයෙන
සත වෙත පතනෙමු දුක සැම දුරුවන
07. සිතට කයට ලෙඩ රෝග නොවේවා
සැමගෙම භව රෝගයද නැසේවා
සත හට ලෙඩ නැති ගතිය සැදේවා
නිවන ලබා සත රෝග නසාවා
සාධු! සාධු!! සාධු!!!
08. සම්බුදු රජවරු සඟ පෙළ සමගින
පිදුවේ බෙහෙත් මෙලෙසට ගෙන මවමින
ගයමින් මෙම ගාථා හඬ නගමින
මුනිඳුන් සඟ පෙල පුදනෙමු කියමින
අධිවාසේ තුනෝ භන්තේ - භේසජ්ජං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පතිගන් හාතු මුත්තමං
අධිවාසේ තුනෝ භන්තේ - භේසජ්ජං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පතිගන් හාතු මුත්තමං
අධිවාසේ තුනෝ භන්තේ - භේසජ්ජං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පතිගන් හාතු මුත්තමං
සාධු! සාධු!! සාධු!!!
0 comments:
Post a Comment