01)
කරුණා මෙත් සිසිලැති දිය දුන්න
බුදු රජවරු මුල් කර ගනි මින්න
සිසිල් පැනින් බදුනක් මව මින්න
සැමටම දෙමි මුනි රජිඳු පුදන්න
සුගන්ධං සීතලං කප්පං - පසන්න මධුරං සුභං
පානීය මෙතං භගවා - පති ඝං හාතු මුත්තමං
සුගන්ධං සීතලං කප්පං - පසන්න මධුරං සුභං
පානීය මෙතං භගවා - පති ඝං හාතු මුත්තමං
සුගන්ධං සීතලං කප්පං - පසන්න මධුරං සුභං
පානීය මෙතං භගවා - පති ඝං හාතු මුත්තමං
02)
බුදු රජවරු මුල් කරගෙන මෙලෙසින
සඟ පෙළටද හිමි කරමින සතුටින
පූජා කරනෙමු සැම තම දොහොතින
සාධු කියමු පූජා වන විලසින
බුදු රජවරු මුල් කරගෙන මෙලෙසින
සඟ පෙළටද හිමි කරමින සතුටින
පූජා කරනෙමු සැම තම දොහොතින
සාධු කියමු පූජා වන විලසින
03)
සිසිලැති පැන් පිදු මෙම පින් බලෙනා
හදගිනි දුක් ගිනි හැම දුරු කෙරෙනා
සිසිලැති දිය නැහැවුන මෙන් සොදිනා
සත වෙත සැනසුම වේවයි පැතුනා
සාධු! සාධු!! සාධු!!!
Twitter
Facebook
Flickr
RSS


0 comments:
Post a Comment