26. සුජාත බුදු රජ ලොව                            බබළන්නේ
මහ උණ බෝධිය තෙද බල                              දුන්නේ
සක්විති රජ ලෙස බෝ සතු                              උන්නේ
ලැබූ විවරණ වඳිනෙමු ජය                               වන්නේ
27.  පියදස්සී බුදු රජ පෙර කල                               වින
රුක්මල් බෝධිය සෙවනට හිමි                               වින
කස්සප බමුණුව විවරණ ලැබ                              ගෙන
තෙලෙස් වටින් සපිරි වඳිනෙමු                               දැන
28.  අත්තදස්සී මහ බුදු රජ                                 උපනා
සපු බෝධිය බුදු ගුණ මග                                  දෙවුනා
සුසීම බමුණුව අප බුදු                                         රජුනා
තුදුස් මහා විවරණ ගෙන                                  නැගුනා
29.  ධම්ම දස්සී බුදු රජිඳු                               උපන්නේ
බෝ රජ විය රත් කරව්                                 නමින්නේ
සක්දෙව් රජ වී දිවමල්                                     ගන්නේ
පුදා ලැබූ විවරණය                                        වඳින්නේ
30.  සිද්ධත්තය යන බුදු රජ පෙර                           කල
කීණිහිරි බෝ රජ ලඟ බුදු විය                                 බල
මංගල තාපසවී බෝසත්                                        කල
ලැබූ විවරණයට වඳිනෙමු මහ                                බල
31.  තිස්ස බුදුන් තුන් ලොව                          ජයගත්තා
මොර බෝධිය පිළිසරණට                                ඇත්තා
සුජාත නම් තාපසයෙකි                                      සත්තා
වඳිනෙමු ගත් විවරණ සෙත                               ඇත්තා
32.  පුස්ස බුදුන් පෙර කල                           උපදින්නේ
නෙල්ලි බෝධි රජ එකල                           වැඩෙන්නේ
විජිතාවී රජ විවරණ                                         ගන්නේ
වඳිමු මෙබෝසත් ගුණ                                දකිමින්නේ
33.  විපස්සී මහ බුදු රජ ලොව                            උපනා
පළොල් බෝධි මුල බුදු බව                              ලැබුනා
අතුල නැමැති දෙව් නා රජ                                 නමිනා
විවරණ ගති වඳිනෙමු ගුණ                                 වැඳුනා
 34. සිඛී මුනිඳු පෙර ලොව                             බබළනවා
ඇටඹ බෝධි බුදු බව ගෙන                               දෙනවා
සුදසුන් රජ අප මුනිඳුම                                     වෙනවා
විසි එක්වැනි විවරණය                                    ලබනවා
35.  වෙස්සභූ නම් බුදු රජිඳු                            උපන්නේ
සල් බෝධිය බුදු මග ගෙන                               දුන්නේ
නමින් අරින්දම ලෙස රජ                                 වන්නේ
අප බෝසත් විසි විවරණ                                  ගන්නේ
36. කකුසඳ මුනිඳුන් ලොව                          උපදින්නේ
මහරි බෝධි රජ ලොවෙහි                        නැගෙන්නේ
ඛේම නමින් හිඳ විවරණ                                  ගන්නේ
දෙවිසි මහා විවරණය                                     වඳින්නේ
37.  කෝනාගමනය මහ මුනි                             රජිඳුන
අත්තික්කා බෝ රජ ලඟ                                   බුදු වින
පරුවත නම් රජවී බෝසත්                                    ගුණ
ලැබූ මහ විවරණය වඳිනෙමු ගුණ                           දැන
38.  කස්සප බුදු රජ ලොවෙහි                         උපන්නා
නුග මහ බෝ රජ ලග                                   බුදුවන්නා
ජෝතිපාල මානවකවම                                     උන්නා
ලැබූ සූ විසි විවරණය                                      වඳින්නා
39. සූවිසි මහ විවරණ කඳ                            ලැබෙගන 
ගෞතම යන ගුණ නමකින්                              බබළන
අප බුදු රජිඳුට ඇසතුය                                     නමකින
බෝ රජ පහල සෙතදුනි                                     බුදුවන
40.  මේ බුදු රජවරු අපමණ                               කාලේ
පාරමී දම් පිරුවා ලොව                                      නෑලේ
සමතිංශත්ත පාරමී ගුණ                                     මාලේ
නමදිමු හැරලා කම්රස                                       ජාලේ
41.  බුදුවනතුරු සසරෙහි සැරි                          සරමින 
සාරාසැකි අටසැකි සොලසැකි                              යන
කප් ලක්ෂද පෙරුමන් පිරු මහ                              පින
කෙල ලක්ෂය සපුරයි සක්වල                               දැන
42.  මේ මහ පින් බල මතුකර                          එන්නේ
ඉන් සහජාතව බල නැග                                  එන්නේ
ජයසිරි බෝ රජ එයිනි                                   උපන්නේ
එනිසයි බෝ රජ වෙත බල                               එන්නේ
43.  දසමර සෙන් ආවත්                                 පරදිනවා
අපලදෝෂ දුකඳුරු                                         දුරලනවා
බුදු සව් පිරිසට බලය                                      දෙවනවා
අපි එම බෝ බලයෙන්                             සැනසෙනවා
44.  ඇලෙන ගැටෙන කම්පා                      දුරුවෙනවා
සිතට නිවෙන සැනසුම ගෙන                             එනවා
කම්පා නැති සිත වරද                                      දකිනවා
වැරදි අතැරි තැන නිවන                             පෙනෙනවා
45.  සැනසෙන සිත මහ පව්                           දුරලනවා
පව් නැති කලවිට පිනට                               නැමෙනවා
පින්පල දෙනවිට සුගතිය                                  වෙනවා
මෙලොවම සුගතියේ සුවය                          ලැබෙනවා
46.  ලෝ සත වෙත පින් මග ගෙන                   දෙනවා
සාම සමාදානය                                             පතුරනවා
සතුනට කිසි හිංසා                                    නොකරනවා
හොර මැර වංචා සැමද                                     හරිනවා
47. නැත කම් මිසහර අහලට                           ගන්නේ
බොරු බස් නැත කිසිවිට                          තෙපලන්නේ
මත්වෙන මොට වෙන රස නැහැ                      ගන්නේ
සාම සිතයි අප සැමට                                  බෙදන්නේ
48.  අනුන් බිඳින බස් නැත                         පවසන්නේ
පරුස වදන් නැත මුවග                                නගන්නේ
පලප් වදන් අහලකට                                නොගන්නේ
වැරදි මගින් නැත ජීවත්                                   වන්නේ
49.  බුදු රජිදුගේ කීකරු දරු                              විලසින
අපි බුදු මග සිටිනෙමු සැනසුම                             ගෙන
අපෙ හද බුදු මැදුරක් ලෙස                               තනමින
සුදු නෙළුමෙන් ආසන සැකසුවේ                         ගෙන
50.  අටවිසි මහ බුදු රජුන්                                මැවේවා
හද මැදුරට සනසමින්                                          වඩීවා
මැව් මල් අසුනෙහි වැඩම                                     හිදීවා
මහ සඟ පෙළ එම සමග                                      වඩීවා
 Twitter
Twitter Facebook
Facebook Flickr
Flickr RSS
RSS 

 
 
 

 
 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment