7.  දස පෙරුමන් බෝසත් කල                          පුරමින
කප් ගණින් ලක්ෂද දුර                                    ගෙවමින
සමතිංශත් පාරඹී බල                                        සපිරින
බුදුවන අත් බැව් ලැබ ගති                            මෙලෙසින
8. දෙතිසක් මංගල පුරිසත්                                ලකුණා
හැඩගත් කය බුදු බඳ ලෙස                               නැගුනා
මිහකත් පරදන පාරමී                                      බලෙනා
මරුවත් පරදන බුදු නැණ                                  ලැබුනා
9. අපමන පිරු මඟ පාරමී                                බලෙනා
සහජාතව බෝ රජ ලොව                                   දිළුනා
ජයසිරි බෝ රජිදුයි නම                                    තැබුනා
බුදු රජිඳුන් වෙනුවට වැඳ                                     පිදුනා
10. මා නැති කල පුදනට                                  ආනන්ද
මේ බෝ රජ ඇත ගුණ කඳ                                 බැන්ද
බුදු වදනෙකි දෙසු මුව                                    මකරන්ද
අපි වඳිනෙමු රජ ගුණ                                          කන්ද
11. සාරා සැකි කප් සුවහස්                              පෙරදින තන්හන්කර මහ බුදු රජ                                     ඉපදින
රුක් අත්තන බෝධිය පින්                             බලයෙන
සහජාතව පහලව මහ සෙත                                    දින
12. මේධංකර මහ බුදු රජ                               සොඳිනා
ලොව පහලව කප් රුක ලෙස                             දිලුනා
කෑල නැමැති බෝරජ පැන                               නැගුනා
සිසිල ලබා වඳිනෙමු බැති                                  සිතිනා
13. සරණංකර බුදු රජ ලොව                                බුදුවී
තිසරණ ගුණ බලයෙන් සත                              නැහැවී
පුලිල නැමැති බෝ රජිඳුන්                                   මතුවී
මරුගේ බලය බිඳ හැරියයි                                 සෙතවී
14. දීපංකර බුදු රජ ලොව                              ජයගෙන
සෙත දුනි සත නැණ එළියෙහි                      නැගෙමින
 පුළිල බෝධි සහජාතව                                නැගෙමින 
මරුගේ බලය පරදා සෙත                              ගෙනදින
15.  අප බුදු රජිඳුන් බෝසත්                              කාලේ
සුමේධ තාපස විය ඒ                                          කාලේ
පළවැනි විවරණ ලැබු එම                                  කාලේ
වඳිමු පුදා එම ගුණ මල්                                       මාලේ
16.  කොණ්ඩඤ්ඤය යන බුදු රජ                     පෙරදින
බුදුවන කල සල් බෝ රජ                                  මතුවින
විජිතාවී සක්විති රජ                                       බව ගෙන
විවරණ ගති වඳිනෙමු ගුණ                            දැනගෙන
17.  මංගල යන බුදු රජ වැඩ                              උන්නා
නා බෝධිය පහලව සෙත                                   දුන්නා
සුරුචි නමින් බමුණුව                                    උපදින්නා
තෙවැනිව ගත් විවරණය                                 වඳින්නා
18. සුමණ මුනිඳු පෙර ලොව                       උපදින්නේ
නා බෝ රජ සෙවනේ බුදු                                වන්නේ
අතුල නමින් දෙව් රජව                                 උපන්නේ
සිව්වන විවරණ ගති                                    නමදින්නේ
19.  රේවත බුදු රජ ඉන්පසු                             කලකින
නා බෝ රජ සෙවනේ දැන                               බුදු වින
අති දේවය බමුණුව අප                                  බුදු නැණ
පස්වැනි විවරණ ගති වඳිනෙමු                               දැන
20.  සෝභිත බුදු රජ එලෙසම                          පසු කල
නා බෝ රජ සෙවනේ ලැබි                               බුදු බල
සුජාත බමුණුව විවරණ                                    මහ බල
සැවැනිව ලැබුවා වඳිනෙමු                              පින්  පල
21.  අනෝමදස්සී බුදු                                  රජිදුන්නේ
කුඹුක් බෝධි සෙවනේ බුදු                              වන්නේ
යක්ෂ රාජ ලෙස විවරණ                                 ගන්නේ
සත්වැනි විවරණ වඳිමු                                 බැතින්නේ
22.  පදුම මුනිඳු පසු කල බුදු                            වෙනවා  තොටිල්ල බෝ සෙවනේ ජය                             තනවා
අප බෝසත් සිහ රජ ලෙස                               වෙනවා
අටවන විවරණ ගති                                      නමදිනවා
23.  නාරද මුනිඳුන් පසු කල බුදු                              වින
මහ තොටිල්ල බෝ රජ පහලම                              වින
මහ තවුසෙක් ලෙස විවරණ හිමි                             වින
වඳිමු එවන් නම වැනි විවරණ                                 පින
24.  පදුමුත්තර බුදු රජිඳු                                  උපන්නා
හොර බෝධිය සෙවනේ ජය                             ගන්නා
ජටිල නැමැති ධනවතෙකු                            ලෙසින්නා
විවරණ ගති එම ගුණය                                    වඳින්නා
25.  සුමේද බුදු රජ පසු කල                                උපනා
බක්මී බෝධිය සෙවනට                                   ලැබුනා
උත්තර මානවකව                                        විවරනිනා
ජය ගති වඳිනෙමු එම පින                                 බැතිනා
 Twitter
Twitter Facebook
Facebook Flickr
Flickr RSS
RSS 

 
 
 

 
 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment