4. සඟ පෙළ ඒ විලසටම මැවේවා
සංවර වතකින් හදට වඩීවා
හදවත බුදු පුරයක් ලෙස වේවා
මෙම සෙත හැම සත වෙත හිමි වේවා
5. අති දුලබව බුදු වරු උපදින්නේ
කල්ප සියක් අතරද නොදකින්නේ
අනත පිනකි අපහට මතුවෙන්න්
බුදු සසුනක මෙත් සුවය ලැබෙන්නේ
6. බුදු රජ යන නම ඇසුවත් සසරේ
හදවත පින් පල මහිමෙන් සපිරේ
බුදු මහිමය අද දස අත පැතිරේ
සැනසුම දෙයි වැද සසරින් එතෙරේ
Twitter
Facebook
Flickr
RSS


0 comments:
Post a Comment