01)
සමිඳුනි සිල් කය වදනද ඇති තැන
සුවඳ බැඳුන ඇද නැති රිට විලසින
සඳුන් වැටියකට උපමා සරිලන
ලෙසින් සිටිමි සුවඳැති වැටි ගනිමින
02)
සමිඳුනි අපි මේ වැටි සේ සිටිනවා
දැල්වූ වැටිය සුවඳක් විහිදනවා
අළු වී කෙළවර වැටිය නිවෙනවා
අපි මුව දල්වා දහම් නගනවා
03)
අවිදුව තන්හා අළු කරවනවා
භව මග ටික ටික කෙළවර වෙනවා
උපමා මේ විලසටම හිතනවා
කෙළවර වූ තැන නිවන ලබනවා
04)
මේ ලෙස දැනගෙන සුවඳ පුදන්නේ
බොදු සමවත් මග මෙලසය ගන්නේ
පූජා කරනෙමු සැමගෙ අතින්නේ
සාදු කියා පුදනෙමි මේ පිදෙන්නේ
සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා හං ගන්ධෙන - පූජයාමී තථාගත
සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා හං ගන්ධෙන - පූජයාමී තථාගත
සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා හං ගන්ධෙන - පූජයාමී තථාගත
සාධු! සාධු!! සාධු!!!
0 comments:
Post a Comment