පටිභාන කවි යනු බුද්ධිමත්ව පිරිසිදු මනසින් ශ්‍රවණය කරන කල්හි, බුදු දහමේ යථාර්ථයන් මතු කරමින් ශ්‍රාවකයා විමුක්තිය කරා ගෙනයන ආකාරයේ අදහස් ගැබ් කොට ගත් කවි විශේෂයකි.
ගීතස්වරයෙන් මිදී ශබ්ද විද්‍යානුකූලව නියමිත මාත්‍රා තුළින් නැගෙන නාදය ශ්‍රාවකයා තුළ ශෘංගාර රසයක්, ශබ්ද කාමයක් ශබ්ද, රාගයක් ඇති කොට, සරාගී මිහිරියාවෙන් මත් කිරීමක් නොකරයි. කට පාඩම් කිරීමකින් තොරව සමාධියේදි ඇතිවන ශුද්ධ මානසිකත්වය තුළින් ආයාසයකින් තොරව ගෙති එන මෙම මහානුභාව සම්පන්න පටිභාන කවි ක්‍රමානුකුලය පැටලිලි රහිතය. එළිසම, එළිවැට මනා සේ පිහිටන මෙම කවි සිහිබුද්ධියෙන් යුතුව ශ්‍රවණය කරන්නෙකුගේ සිත උතුම්වූ ලෝකෝත්තර සමාධියට ඇදි යයි. මහානුභාව සම්පන්න ලෝකෝත්තර පටිභාන කවි සතු උතුම්වූ ගුණාංග කිහිපයක් එසේ දක්වාලිය හැක. භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කවීත්වය තහනම් නොකළ සේක. එහෙත් ගීතස්වරයෙන් ගායනා කිරීම අනුමත නොකළ සේක. කවි සම්බන්ධව සිදු කල දේශනා කවි (ගාථා නිදාන) සූත්‍රය - සංයුත්ත නිකාය 1 - පිටුව 70 සහ කවි සූත්‍රය - අංගුත්තර නිකාය 2 - පිටුව 444

පද නිරුක්තිය
පටි : යනු සත්වයා ලෝකයට බැඳ තබන දේ හෙවත් සංයෝජන ධර්මයි.
භාන : යනු (බාන නොවේ) බිඳ හැරීම බිඳිම යන අරුත් දෙයි.
භාන : යනු (බාන නොවේ) බිඳ හැරීම බිඳිම යන අරුත් දෙයි.
එනයින් සත්වයා ලෝකයට බැඳ තබන "පටි" බිඳ හැරීමට උපකාරී වන කවි පටි + භාන = පටිභාන කවි නම් වෙයි.
පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ලෝක සත්වයා වෙත මහත් වූ දයානුකම්පාවෙන් යුතුව පිරිසුදු සමාධියේ සිට ගායනා කරන්නට යෙදුණු, සියලු උතුම් ගුණාංග කැටිකොටගත් මහානුභාව සම්පන්න පටිභාන කවි පන්තීන් කිහිපයක් ලබා ගැනීමට පහත යොමුවෙන් (ලින්ක්) අවස්ථාව ලැබේ. එම කවි මනා සිහි ණුවනින් යුතුව ශ්‍රවණය කිරීම මගින් ඒ තුළින් ලද හැකි උසස් ප්‍රතිඵල ළඟා කොට ගැනීමට කටයුතු කරත්වා!
බුදු දහමේදී කාව්‍යමය ස්වරූපය භාවිතය සහ මෙම පටිභාන කවි තුළින් මතුව එන දහම් අරුත්, ආර්යයන් හට ඔවුනගේ නිවන් මගට උපනිශ්‍රය වන ආකාරය පිළිබඳව තව දුරටත් වටහාගනු කැමැත්තේනම් පහත සම්බන්ධතා තුළින් යොමු කෙරෙන ලිපි පරිශීලනය කරන්නට අවස්ථාව ඇත.
සෑම මසකම සෙනසුරාදා දිනයන්හිදී උදෑසන 8.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා පටිභාන කාව්‍යමය මෙත් පූජාවන් පවත්වනු ලැබේ.
ස්ථානය: වහරක අරියචින්තාශ්‍රමය (ගමන් මාර්ගය පහත දක්වා ඇත)