පටිභාණ කවීත්වයෙන් මතුවෙන ශ්‍රී සත්ධර්මය...

කවි කියන්න පුළුවන් වගේම කවි ලියන්න පුළුවන් අයත් ලෝකේ ඕන තරම් ඉන්න පුළුවන්...
කවි සිතින් සිත සිතා පහල කරගෙන සටහන් තබන අයත් මොහොතක් හෝ විරාමයක් ඇතිව හිටිවන කවි පහල වන අයත් ලෙසින් නන් අයුරින් කවි අදහස් ඇතිවන්නුවන් ලෝකය පුරාම සිටිනවා...
ඒත් මේ කියන පටිභාන කවීත්වයේ විශේෂත්වය දැනෙන්න නම් එවැනි පටිභානමය කවීත්වය පැන නඟින තැනක සජීවීව දෙසවන් යොමු කර සිටින විට එය කොතරම් සුවිශේෂීද එය කොතරම් ආශ්චර්යමත්ද කියලා වැටහෙනවා...
මේ කවි කියවන ඔබට සමහර විට ඒවා සිතා සිතා ගෙතූ කවි පෙලක් ලෙසින් බැලූ බැල්මට සිතේවි... එහෙත් ඒ අත්දැකීම් සජීවීව විඳ ඇති මට නම් එවැනි කවීත්වයක් බුදු පියාණන් කල වූවායැයි සැලකෙන ද්‍රෝණ ඝර්ජනාවට දෙවෙනි විය නොහැකි බව ස්ථිරවම කිව හැක...
මන්ද ඒ කවි ගලා එන වේගයත්... ඒවා දිනෙන් දින වෙනස්කම් ඇතිව කියෙවෙන ස්වරූපයත්... ඒවා තුලින් පෙන්වා දෙන ගැඹුරු ධර්මය වැටහෙන පරිද්දෙන් සිත සමාධිගත වන අයුරුත්... ආදී නොයෙක් දෑ සජීවීව අත්දැකපු තවමත් අත්දකින මා හට නම් එය සම්මා සම්බුදු පියාණන් වහන්සේ පවා අනුමත කරන්නට ඇතැයි නුවණින්ම විමසා තීරණයක් ගත හැකි නිවන වෙතම උපකාර වන උතුම් දහම් මඟක්මය...
මේ අත්දැකීම සජීවීව අත්විඳිමින් එහි සුවිශේෂීත්වය තමන්ටම අත්දකින්ට වුවමනා ඇත්තන් සෙනසුරාදා දිනයන්හි උදෑසන 8.30 සිට දහවල් 12.00 වන තෙක් කාලය තුල වහරක අරියචින්තාශ්‍රමයේදී වහරක අභයරතනාලංකාර ස්වාමීන්ද්‍රයන් විසින් පවත්වන පටිභානමය කාව්‍ය මෙත් පූජාවට සහභාගී වෙත්වා!! තිසරණ සරණ ලැබ නිවී සැනසෙත්වා!!

Dec 30, 2010

පහන් පූජා කිරීමේ විදර්ශනා භාවනා කවි...

01)
සීල සමාධී උපමා                                            කෙරුවා
මල්ද සුවඳ ගෙන එලෙසට                                   පිදුවා
පහන් පුදන උපමා හද                                        දැරුවා
හේතු ඵලය දකිනෙමු නැණ                                 අරවා

02)
තෙල සහ වැටියද සුලඟද                                  කියනා
සම ලෙස ඇති තුරු දැල්ලක්                            නැඟුනා
ජීවිත දැල්ලද මෙලෙසම                                    සැදුනා
උපමා සිහි කරනෙමි ගෙන                                 පහනා

03)
කරුම බලය තෙල් වලිස                             නැගෙනවා
කරජ කයද එහි වැටිසේ                              පෙනෙනවා
කයට අහර සුළඟක් සේ                                ඇදෙනවා
ජීවිත දැල්ලක් එවිට                                   පෙනෙනවා

04)
තෙල් නැති කල එම පහන                            නිවෙනවා
කරුම බලය නැති දිවිද                                නැසෙනවා
තිරය නැතොත් එහි පහන                             නිවෙනවා
කය ලෙඩ වුවහොත් දිවිද                            නැසෙනවා

05)
සුළඟ සරණ ලෙස දැල්ල                            නැවෙනවා
අහර හිඟය මත කයද                                  සැලෙනවා
සුඟඝ නැතොත් එම දැල්ල                            නිවෙනවා
අහර නැතොත් එම දිවිය                             නැසෙනවා

06)
හේතු නිසයි දැල්ලක්                                  පවතින්නේ
හේතු නිසයි දිවියක්                                    පවතින්නේ
හේතු නැසෙන තැන දැල්ල                       නැසෙන්නේ
හේතු නැසෙන විට දිවිය                           නැසෙන්නේ

07)
හේතුවේ ඵලයට ජීවිත                                          කීවා
අනියතමයි ජීවිත සැම                                           ඒවා
විපරිනාම බව සැමටම                                           වූවා
නිසරුව දැක සත නිවන                                      දකීවා

ඝණසාරප්ප දිත්තේන
දීපෙන තම ධං සිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං

ඝණසාරප්ප දිත්තේන
දීපෙන තම ධං සිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං

ඝණසාරප්ප දිත්තේන
දීපෙන තම ධං සිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං
 සාධු! සාධු!! සාධු!!!

0 comments: