අපමණ ගුණ බල බුදු පිය රජිඳුනි
නැමැද මෙසේ අවසර ගන්නේ
අපමණ ගුණ කඳ මතුව නැගී විත්
බුදු රජ අභියස මැවෙමින්නේ
අපමණ බුදු රැස් කඳ විහිදාලා
සව්ලොව එලි කරවා ලන්නේ
අපමණ ගුණ දැක අවසර පතනෙමි
සව්ලොව සත වෙත අමතන්නේ
තිලොව දිනූ මහ බුදු රජවරු සහ
බෝ රජවරු දැක වැඳ ගන්නා
විලසින් සිත ගෙන දෙවි බඹ සැමදෙන
එනු මැන සත් හද නගමින්නා
බුදු සෙත් දිය දහරින් හද නහවා
සොම්නස් සිත මතු කරමින්නා
සැනසෙනු මැන බුදු රජවරු
බෝ රජවරු දැක වඳිනට මෙලෙසින්නා
සාධු! සාධු!! සාධු!!!
Twitter
Facebook
Flickr
RSS


0 comments:
Post a Comment